කොටුව පොලිසියේ 97 කට කොරෝනා

Picture of අසංක

අසංක

කොටුව පොලිසියේ නිලධාරීන් 97කට covid-19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබේ.

ඔවුන් සියල්ලෝම අරලගංවිල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි පොලිස් නිලධාරීන් ය.

එහි සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳව පොලිස් නිලධාරීන් චෝදනා කර සිටින්නේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව එම නිරෝධායන මධ්‍යස්ථානයේ සකස් කර නොමැති බව පවසමිනි.

අද දිනය තුළ පමණක් පොලිස් නිලධාරීන් 117ක් වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇති අතර මේ වන විට වෛරසය ආසාදිත පොලිස් නිලධාරින් සංඛ්‍යාව 600කට ආසන්නය.