කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මේ වන විට රෝහල් තුළ ඇඳන් 2000ක් සූදානම් කර ඇති බවත් අවශ්‍ය නම් 3000කට වඩා යෑමට හැකියාව ඇති බවත් සුදත් සමරවීර මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගය මෙතෙක් සමාජ ගතවී ඇති බවට පැහැදිලි සාධක නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේශඥ සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවැසීය.
එසේම බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයන් වැඩි පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් ඔහු සඳහන් කළේය.
ඊයේ දිනයේදි පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල් 6000ක් ලබාගත් බවත් බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ මූලාශ්‍රය තවමත් හඳුනානෙ නොමැති බවත් ඔහු පැවැසීය.
කොවිඩ් රෝගීන් රෝහල්වලින් වාර්තා වුවත් ජනතාවට රෝහල් සඳහා පැමිණිමට බිය නොවන ලෙසත් ඔහු පැවැසීය.