කොමිසම් වාර්තාවේ නම් සදහන් අය වහා අධිකරණය හමුවට ඉදිරිපත් කරන්න – අගරදගුරු

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමේ කොමිෂන් සභාව විසින් නම් කර ඇති අය එම ප්‍රහාරයට දෙවරසක් සම්පූර්ණ වන ලබන මස 21 වැනිදාට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් නොවුවහොත් රට පුරා දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කරන බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් අවධාරණය කර සිටී

මෙම ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට යුක්තිය ඉටුවන බව දකින්නට නොලැබුණහොත් 21 වැනිදා පවත්වන විරෝධය ඉතා ශක්තිමත්ව ලංකාව පුරා දියත් කරන බව ද උන්වහන්සේ පැවසූහ

කොමිෂන් සභාව දී ඇති නියෝග අනුව අඩු වශයෙන් එහි නම් කර ඇති පුද්ගලයින් විනිවිදභාවයෙන් යුත් ක්‍රියාදාමයක් තුළ කිසිකෙනෙකුට විශේෂ සැලකිල්ලක් නොදක්වා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද උන්වහන්සේ අද මාධ්‍ය වෙත පැවසූහ

එම කටයුතු ලබන 21 වැනිදාට පෙර නොකළොත් තම විරෝධතාවය දිගටම පවත්වාගෙන යන්න සිදුවන බවත් යුත්කිය ඉටුවන තුරු එය අත් නොහරින බවත් උන්වහන්සේ මෙහිදී පැවසූහ