කොරෝනාවට එරෙහි ඕස්ට්‍රේලියානු එන්නත මිනිසුන්ට අත්හදාබැලේ

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසයට එරෙහිව ඕස්ට්‍රේලියානු වෛද්‍ය විශේෂඥයින් විසින් නිපදවා ඇති එන්නත අද දින ප්‍රථම වරට මිනිස් අත්හදා බැලීම් සඳහා යොමුකළේය .

මේ සඳහා පුද්ගලයින් 130ක් පමණ යොදාගෙන ඇති බව එරට මාධ්‍ය සඳහන් කර සිටී .

මෙම පර්යේෂණය සඳහා වයස අවුරුදු 18-59 අතර පසුවන සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් සහභාගි කර ගත් බවත් ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

මෙම අත්හදාබැලීමේ ප්‍රතිඵල මත ඉදිරි පර්යේෂණයන් ක්‍රියාත්මක කරන බවද එරට සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත