කොරෝනා වයිරසයට එරෙහිව මොස්කව්හි වසංගත රෝග හා ක්ෂුද්රජීව විද්‍යාව පිළිබඳ ජාතික පර්යේෂණ මධ්‍යස්ථානය නිෂ්පාදනය කරන ලද නවතම එන්නත එළඹෙන අගෝස්තු 12 දින ලියාපදිංචිකිරීමට සූදානම් කර ඇති බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මේ අනුව අගෝස්තු 15 දින වන විට එන්නත සිවිල් පරිහරණයට ලබා දිය හැකි බවද රුසියානු පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.
මෙම එන්නත ප්‍රථමව වැඩි අවදානම් කණ්ඩායම් සඳහා ලබාදීමට රුසියානු රජය බලාපොරොත්තු වන අතර . ඒ අනුව ගුරුවරුන්, වෛද්‍යවරුන් හා සිවිල් සේවකයන් ඇතුළු 1500 කට අධික පිරිසකට එන්නත පළමු අදියරේ දී ලබා දීමට නියමිතය.
පළමු මාස 4, 5 තුළ එන්නතෙහි ඵලදායිතාවය පරීක්ෂා කෙරෙනු ඇති බවත්, ඉන් අනතුරුව 2021 ජනවාරි හෝ පෙබරවාරි මස වන විට එන්නත මහජනතාව අතරට පත් කළ හැකි බවත් රුසියානු බලධාරීන් සඳහන් කර ඇත