කොරෝනාවට එරෙහි ලොව පළමු සාර්ථක එන්නත රුසියාවෙන්

Picture of අසංක

අසංක

නව කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු සාර්ථක එන්නත සෑදීමට සිය රට සමත්ව ඇති බව රුසියානු රජය නිවේදනය කර ඇත

ඒ අනුව මොස්කව් හි Gamelei මධ්‍යස්ථානයට නව කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ ලොව පළමු එන්නත මෙම මස 12 වෙනිදා ලියාපදිංචි කිරිමට හැකියාව ඇති බව රුසියානු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඔලෙග් ග්‍රිඩ්නෙව් මාධ්‍ය වෙත නිවේදනය කර ඇත

එම එන්නත රටේ සෞඛ්‍ය අංශ නිලධාරින් සහ වැඩිහිටියන් හට පළමුව ලබා දීමට අදහස් කර ඇති බවද නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත

ලබන ඔක්තෝම්බර් මාසය වන විට රටපුරා එන්නත් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියා කරන බවත් . ඒ සඳහා වන සියලුම වියදම් රුසියානු රජය දරන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මෙම එන්නතේ පළමු සායනික පරික්ෂාව ඉකුත් ජුනි මස 18 වෙනිදා මොස්කව් සෙකෙනොව් විශ්ව විද්‍යාලයේදී ආරම්භ කෙරුනු අතර . ඒ සඳහා ස්වෙච්ජාවෙන් පුද්ගලයින් 38 දෙනෙකු එක්වූහා . ඔවුන් සියලු දෙනාම වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය වර්ධනය කළ බව රුසියානු බලධාරින් සඳහන් කර ඇත.