නව කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් යෑමට නොහැකි වී ඇති ලොව පුරා දරුවන් අතරින් අඩකගේම නිවෙස් වල පරිඝනක නොමැති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අනාවරණය කර ඇත.
එසේම ලොව පුරා වෙසෙන මෙම දරුවන් අතරින් සියයට 43කතංඅ අන්තර්ජාලය හා සම්භන්ධවීමට කිසිදු පහසුකමක් නොමැති බවද එම අරමුදල කල සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.
ජංගම දුරකතනවලින් තොරතුරුවලට ප්‍රවේශ වීමට හා , ගුරුවරුන් සමඟ සම්බන්ධ වීමට හැකි වුවද දරුවන්ගෙන් මිලියන 56ක් ජීවත්වන්නේ කිසිදු ජංගම දුරකතන ජාලයක් හෝ සේවාවක් හෝ නොමැති ප්‍රදේශවල වන බවත් අරමුදල පෙන්වාදෙ .
ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ මෙම දරුවන්ට දුරස්ථ අධ්‍යාපනය ලබාදීම කොතෙක් දුරට සාර්ථකවෙද යන්න ගැටළුවක් බවද එම අරමුදල සඳහන් කර ඇත.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ පාසල් යෑමට නොහැකි වී ඇති දරුවන්ගේ ගණන බිලියන 1.5කි. ඉන් මිලියන 806 කගේම නිවෙස් වල පරිඝනක නොමැති අතර මිලියන 706කගේ නිවෙස්වල අන්තර්ජාල පහසුකම් නැත.