කොරෝනා අමෙරිකාව තවත් ගිලගනී

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසයෙන් ලොව වැඩිම බලපෑම් එල්ල වී ඇති රට වන අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 2 ක ඉක්මවා ගොස් ඇත .

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසන්නේ, අද (23) වන විට එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 205,471ක් බවය.

තව ද එරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑ එක් ලක්ෂයට ආසන්න වෙමින් පවතී.

කෙසේ වෙතත් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට අසමත්වීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වෙමින් පවතී.

මේ අතර ශීත සමය තුළ තවත් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවට පැවසනෙ අතර බෝවන රෝග පිළිබඳ විශේෂඥ ඇන්තනී ෆවුසි අනතුරු ඇඟවූයේ සරත් ඝෘතුවේදී සහ ශීත ඝෘතුවේදී ඇමරිකානුවන් ”සැඟව සිටිය යුතු” බවටයි.