පැතුම් වික්‍රමරත්න
කොරෝනා වෛරසය සතුන් හරහා මිනිසාට සම්ප්‍රේෂණය වූවක් බවට මූලික විමර්ශන වලදී දැනට අනාවරණය වී ඇති බව එම වෛරසයේ මූලාරම්භය සෙවීම සඳහා චීනයට ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පිරිස පවසති.
කොරෝනා වෛරසය චීනයේ පර්යේෂණාගාරයක සිදුවූ කාන්දුවකින් ආරම්භ වූ බවට පළවූ චෝදනා මේ වනවිට පිලිගත හැකි මට්ටමක නොමැති බවද එම පිරිස මාධ්‍ය වෙත සඳහන් කර ඇත .
මෙම කණ්ඩායමේ ප්‍රධානී පීටර් බෙන් එම්බරෙක් මහතා මාධ්‍ය වෙත ඊයේ පැවසුවේ, චීනයේ වූහාන් නුවර පිහිටි පර්යේෂණාගාරයකින් වෛරසය කාන්දු වීමකින් සිදුවූ බව පැවසීමට සාක්ෂි තම පිරිසට හමු නොවූ බවයි .
දැනට තම පිරිසට ලැබුණු තොරතුරු අනුව මෙම වෛරසය වවුලන් වැනි සතුන්ගෙන් ආරම්භවී මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වන්නට ඇතැයි අනුමාන කල හැකි බවද ඒ මහතා මෙහිදී පැවසීය .
ඒ අනුව ශීත කල මාංශමය ආහාර හරහා මෙම වෛරසය පතිරගියේද යන්න ගැන සොයා බැලීමටද තම කණ්ඩායමේ අවධානය යොමුව ඇති බව ඔහු පැවසීය
කෙසේ වෙතත් වෛරසයේ ආරම්භය හඳුනාගැනීම සඳහා තවදුරටත් පර්යේෂණ කළ යුතු බවද ඔහු පැවසීය .