කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන් ගණන 4 දක්වා ඉහළට

Picture of අසංක

අසංක

මෙරට තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයකු මියගොස් තිබේ.

IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 58 හැවිරිදි අයෙකි.

මේ අනුව කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වනවිට මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151ක් වන අතර 127 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.

21 දෙනෙකු සුවය ලබා පිටත් වී තිබේ.