නවතම පුවත්

කොරෝනා ආසාදිතයින් ගණන 75,000 ඉක්මවයි

අසංක

අසංක

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මාරාන්තික කොරෝනා වයිරසය මේ වනවිට 75,000කට වැඩි පිරිසකට ආසාදනය වී ඇතැයි අනුමාන කල හැකි බව හොංකොං විශ්වවිද්‍යාලයක් නිකුත් කල නවතම පර්යේෂණ වාර්තාවක දැක්වේ.


හොංකොං විශ්ව විද්‍යාලයේ ලී කා ෂින්ග් වෛද්‍ය පීඨයේ පීඨාධිපති ආචාර්ය ග්‍රේබ්‍රියල් ලියෝන්ගේ ප්‍රමුඛත්වයෙන් මෙම පර්යේෂණය සිදු කර ඇති බවද වාර්තාවේ,

එම පර්යේෂණයට අනුව පසුගිය ජනවාරි 25 වැනිදා වනවිට මාරාන්තික කොරෝනා වයිරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 75,815ක් වන බවට ඇස්තමේන්තු කර ඇත..

වයිරසය ආසාදනය වූ පිරිස සම්බන්ධයෙන් තිබෙන නිළ සංඛ්‍යා දත්ත සහ මෙම ඇස්තමේන්තු ගත සංඛ්‍යා අතර වෙනසට මුල්වී ඇති හේතුසාධක ගැනද ආචාර්ය ග්‍රේබ්‍රියල් ලියෝන් මෙහිදී අනාවරණය කර ඇත.

වයිරසය ආසාදනය වීමත් වයිරසය ආසාදනය වූ බවට රෝග ලක්ෂණ පහළ වීමටත් යම් කාලයක් ගත වීම මෙන්ම , විද්‍යාගාරයකින් කොරෝනා ආසාදිතයකු බවට තහවුරු කිරීමට කාලයක් ගතවීම මෙම හේතු ලෙස ඔහු පෙන්වාදෙ .

එම නිසා කොරෝනා වයිරසය ආසාදනයවූවන් පිළිබඳ සටහන් කරගැනීමේ හා වාර්තා කරගැනීමේ සමස්ත ක්‍රියාවලියට එය බලපෑම් කරන බව ද ඔහු මාධ්‍යට පවසා ඇත.

කෙසේ වෙතත් මෙම ඇස්තමේන්තු කිරීම් නිවැරැදි නම් වයිරසයේ මරණ අනුපාතය කලින් අනුමාන කළාටත් වඩා අඩු වන බවද අචාර්යවරයා අවධාරණය කර ඇත.

නව ඇස්තමේන්තුවලට අනුව කොරෝනා හි මරණ අනුපාතය දශම ගණනකට සීමාවේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .