කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ ලබන සතියේ සිට මෙරටට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව මේ වනවිට ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රසායනාගාර පරීක්ෂාවට ලක් කරමින් සිටින බව අමාත්‍යංශ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රදානයක් ලෙස මෙම පරීක්ෂණ කට්ටල මෙරටට ලැබුණු බව ද ඔහු සඳහන් කළේය.
කොරෝනා වෛරසය පුද්ගලයෙකුට ආසාදනය වී ඇත්දැයි වඩාත් කඩිනමින් හා පහසුවෙන් ඇන්ටිජන් පරීක්ෂණය මගින් හඳුනා ගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය