ඇන්ටාක්ටිකාවෙන් ද කොරෝනා ඇතැයි තහවුරු වීමත් සමග ලොව සියලුම මහාද්වීප පුරා මෙම ගෝලීය වසංගතය පැතිර ඇතැයි වාර්තා වේ.
දකුණු අප්‍රිකාව තුළද මෙතෙක් හඳුනානොගත් නව කොවිඩ්කාරක වෛරස ප්‍රභේදයක් පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එක්සත් රාජධානියෙන් හැර මෙය
ඩෙන්මාර්කය, බෙල්ජියම, නෙදර්ලන්තය,
ඉතාලිය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල අනාවරණය වී ඇත.
දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇත්තේ ඒ හා සමාන නමුත් වෙනම ප්‍රභේදයකි.
VUI-20212/01 නමින් නව කොවිඩ් කාරක වෛරස ප්‍රභේදයක් පළමුවරට පසුගියදා එක්සත් රාජධානියෙන් හඳුනාගැණුණි.
රටේ ප්‍රාන්ත කිහිපයක පැතිරයන මේ නව ප්‍රභේදය, VUI-20212/01 ප්‍රභේදයට වඩාත් සමාන නමුත් වෙනස් ලක්ෂණ සහිතය.
එමෙන්ම මේ කාණ්ඩය ඉතා පහසුවෙන් තරුණ ප්‍රජාව අතර පැතිර යන බවත් වාර්තා
ගෝලීය වසංගත තත්ත්වයක් නිර්මාණය කළ සාර්ස් කොව් ටූ වෛරසය විපර්යාසයන් 23කට ලක්ව බිහිව ඇති මේ නව වෛරස ප්‍රභේදය එහි මූලික වෛරසයට වඩා වැඩි ව්‍යාප්ති ප්‍රවණතාවක් ද දක්වයි.
මේ නව වෛරස කාණ්ඩය හඳුනාගැණුනේ සියලු කොවිඩ් සීමා මධ්‍යයේ එක්සත් රාජධානියේ කෙන්ට් ප්‍රාන්තයේ ආසාදිතයින් වාර්තාවීම සමීපව නිරීක්ෂණය කිරීමේදී ය.
විද්‍යාඥයින්ගේ මතයට අනුව වෛරසයේ පැතිරීමේ හැකියාව සියයට 70ක් තරම් ඉහළ ප්‍රතිශයකි.
මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ එරට ප්‍රධාන විද්‍යා උපදේශක පැට්‍රික් වැලන්ස් පැවසුවේ, ගෙවුණු සැප්තැම්බර් මාසයේ පටන් නව වෛරස ප්‍රභේදය එක්සත් රාජධානිය තුළ සංසරණය වෙමින් තිබී ඇති බවය.
දෙසැම්බර් මාසයේ ලන්ඩන් නුවරින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් සියයට 60ක්ම නව ප්‍රභේදයට අයත් වෛරසයට ගොඳුරුවූවන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.