කොරෝනා ඇඳිරිනීතිය සමයේ විදුලි බිලට සහනයක්

Picture of අසංක

අසංක

මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවල විදුලි බිල්පත් සඳහා සහන සැළසීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව විදුලි බිලට සහන සැළසීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමටද රජය පියවර යොදා ඇත.

අදාළ කමිටුව ඉදිරිපත් කරන යෝජනා ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට යොමු කර සහන සැළසීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත පැවසීය.