පැතුම් වික්‍රමරත්න
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මැයි පළමු සතියේ සිට ලබාදීමට බෝ නොවන රෝග පිළිබඳ විශේෂ කමිටුව තීරණය කර ඇත.
කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙම සතිය තුල අවසන් සැලසුම් සකස් කර අවසන් කරන බවද එම කමිටුව සඳහන් කර සිටී .
කොවිෂීල්ඩ් එන්නත මේ වනවිට මෙරට පුද්ගලයින් 925242 කට ලබාදී තිබෙන අතර
එම එන්නත මෙරට පුද්ගලයින්ට ලබාදීම ආරම්භවූයේ ඉකුත් ජනවාරි මස 29 වන දිනය එය ඉකුත් 10වැනි දින දක්වා ක්‍රියාත්මක කෙරිණ. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ඉකුත් 10 වැනිදින සිට මේ වනතෙක් රට පුරා නතර කර ඇත