පැතුම් වික්‍රමරත්න
කොවිඩ් එන්නත මෙරටට ගෙන්වීම සඳහා ඊට අදාළ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම , රජය විසින් මේ වනවිටත් අරඹා ඇති බව වාර්තාවේ.
මේ පිළිබඳව අද (28) දිනයෙදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද එන්නතට අදාළ කටයුතු සම්බන්ධීකරණයට පත්කළ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කර සිටී .
මේ අතර කොරෝනා වෛරසය සඳහා භාවිතා කරන එන්නත් මාත්‍රා මිලියන 25ක් පමණ මිලට ගැනීමට , ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුව ණය මුදලක් ලබා දී ඇත.
අමෙරිකානු ඩොලර් මිලියන 84ක් වන එහි පළමු වාරිකය සැපයීමට මුදල් අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව ලේඛන හුවමාරු කරගෙන තිබෙන බවද වාර්තාවේ
අවශ්‍යතාවය පරිදි මෙම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 200 දක්වා වැඩි කරගත හැකිවනු ඇත.