කොරෝනා එන්නත ලංකාවටත් දෙන්න රුසියාව සූදානම්

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසය සඳහා රුසියාව විසින් නිෂ්පාදනය කර ඇති එන්නත , ශ්‍රී ලංකාවටද ලබාදීමට තම රට සූදානම් බව මෙරට සිටින රුසියානු තානාපතිවරයා අවධාරණය කර ඇත

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා සමග ඊයේ පැවති විශේෂ හමුවකදී රුසියානු තානාපති යුරී බී මැටරී මහතා මේ බව සඳහන් කර ඇත.

විදේශ අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත තීරණයක් ගන්නා බවය.

රුසියාව විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා වෛරසයට එරෙහි එන්නත සාර්ථක ප්‍රතිඵල ලබමින් ඇති බව එරට ජනපති වලද්මීර් පුටින් මහතාද මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර අවසන්ය , එසේම එම ඖෂධය මේ වනවිට එරට ලියාපදිංචි කර ති අතර රටවල් හැටක් පමණ එම එන්නත දැනටමත් ඇනවුම් කර ඇත

කෙසේ වෙතත් මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා මර්ධනයට සුදුසු ඖෂධයක් ලෙස මෙතෙක් නිර්දේශ කර නැත.