කොරෝනා මර්දන එන්නත, ලබාගෙන දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්,හා විදෙස් සංචාරකයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු නොකිරීමට රජයේ අවධානය යොමුවී ඇත .
. එන්නත් කර දිවයිනට පැමිණෙන පුද්ගලයින් එලෙස නිදහස් කරන ලෙස ඊයේ පැවති සාකච්ඡාවකදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් ද කර ඇති බවද වාර්තාවේ .
කෙසේවෙතත් එහි අවසන් තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව විසින් ගැනීමට නියමිතව ඇත .
එලෙස එන්නත් කර දිවයිනට පැමිණෙන පුද්ගලයින් පැය 48 ක් තුළ ලබාගත් පී සී ආර් වාර්තාවක් ද සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත
කෙසේවෙතත් එන්නත ලබාගත්තද පැය 48 ක් තුළ ලබාගත් පී සී ආර් පරීක්ෂණ වාර්තාවක් නොමැතිව දිවයිනට පැමිණෙන පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට දැනට සැලසුම් කර ඇත .