කොරෝනා එන්නත සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර ,  අනිවාර්යයෙන්ම  කොරෝනා  වෛරසයට එරෙහි   එන්නත මෙරට පුද්ගලයින්ට ලබාදීමට හැකි වනු ඇති බව .එම එන්නත ලබාදීමට අදාළ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී , ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා අවධාරණය කර සිටී .රුසියා-චීන-බ්‍රිතාන්‍ය කොවිඩ් එන්නත් ගෙන්වීමට අවධානය – ලලිත් වීරතුංග –  LankaPuvath

මෙම එන්නත මෙරට  ජනතාවට ලබාදෙන ආකාරය පිලිබඳ මූලික සැලසුම් සියල්ල  ලබන 11 දිනට පෙර සකස් කර අවසන් කරන  බවත් ,  ඒ අනුව මෙරටට ලබාගන්නා කොවිඩ් එන්නත කුමක්ද යන්නද එහිදී ප්‍රකාශයට පත්කිරීමට හැකිවනු ඇති බවත් ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය.

මෙම එන්නත මෙරටට  ලබාගැනීම  සඳහා වන සාකච්ඡා මේ වනවිටත් අවසන් මට්ටමේ පවතින බවද  ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටී

එමෙන්ම එන්නත් ලබාගැනීම සඳහා අවශ්‍යකරන මුල්‍ය සම්පාදන කටයුතු ද මේ වනවිට සිදුකර අවසන් කර ඇති අතර  පුද්ගලික අංශයද මීට විශාල දායකත්වයක් ලබාදීමට එකඟතාව පළකර ඇති බවද ඒ මහතා පැවසීය