කොරෝනා දෙවන රැල්ල පාලනය කළ හැකි GMOA නිර්දේශය

Picture of අසංක

අසංක

කොරෝනා ව්‍යාප්තියේ දෙවන රැල්ලක් රට තුළ ඇති වීම පාලනය කිරීම සඳහා කොරෝනා ආසාදිතයින් වාර්තා වන කලාපවලට සංචරණ සීමා පැනවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.

රෝගීන් සිටින කලාපයකින් රෝගීන් නැති කලාපයකට රෝගීන් ගමන් කිරීම මේ හරහා නවතා ගත හැකි බව එම සංගමය මාධ්‍ය වෙත අද දින සඳහන් කළේය

සාමාන්‍ය සමාජයේ රෝගීන් සිටිනවාද යන්න සොයාගැනීම සඳහා අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම අවශ්‍ය වන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදේ.