කොරෝනා නිසා ඇතිවන දුර්ලභ රෝගයකින් 5 වියැති දරුවකු මරුට

Picture of අසංක

අසංක

අමෙරිකාවේ නිව්යෝර්ක්හි 5 හැවිරිදි පිරිමි ළමයෙකු නව කොරෝනා වෛරසය නිසා ඇතිවිය හැකි යැයි විශ්වාස කෙරෙන දුර්ලභ රෝගයකින් මියගොස් ඇති බව එරට වාර්තා පවසයි.

බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤයෙන් ද මෙවැනිම සිද්ධීන් කිහිපයක් වාර්තා කර තිබේ.

කවාසාකි රෝගය (ඉදිමුම හා රත් පැහැ ගැනීම) සහ විෂ කම්පන වැනි සින්ඩ්‍රෝම රෝග ලක්ෂණ සහිතව දරුණු ලෙස රෝගාතුර වූ රෝගීන් 73 ක්
නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇත.

5 හැවිරිදි දරුවා ද එම සංකූලතා පෙන්වූ අතර පසුව මියගොස් තිබේ.

ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රදේශයේ මාපියන් වෙත දන්වා ඇත්තේ තම දරුවාට දින පහකට වඩා උණ වැළඳී ඇත්නම් වහාම ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි.

පාචනය හෝ වමනය, හුස්ම ගැනීමේ අපහසුතා, සමේ පැහැය, පපුවේ වේදනාව සහ උදාසීනත්වය වැනි අනෙකුත් රෝග ලක්ෂණ මීට ඇතුළත් බව වෛද්‍යවරුන් පවසා තිබේ.

කවාසාකි රෝගය මෙතෙක් සොයානොගත් රෝගයක් වන අතර එය මූලික වශයෙන් වයස අවුරුදු පහ දක්වා ළමයින්ට බලපාන්ද් ලබයි.

ධමනිවල බිත්ති දැවිලක් ඇතිකරන එහි ප්‍රතිඵලය ලෙස උණ, සම රත් පැහැ වීම කිරීම සහ සන්ධි වේදනාව ඇති වේ.

කුෂ්ඨ හා ඉදිමුණු ග්‍රන්ථි ද මෙහි සංකූලතා විය හැකි අතර ප්‍රතිකාර නොකළ රෝගීන්ට තත්ත්වය අයහපත් විය හැකි නමුත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අය ඊට හොඳ ප්‍රතිචාරයක් දක්වයි.

මෙම සංකූලතා හා නව කොරෝනා වෛරසය හා ඍජුවම සම්බන්ධ බවට මෙතෙක් සොයානොගැනුණද එය වෛරසය හා වක්‍රව සම්බන්ධ වන බවට විශේෂඥ වෛද්‍යවරුන් විශ්වාස කරති.