කොරෝනා නිසා නැවතුණු HIV පරීක්ෂණ යළි ඇරඹේ

Picture of අසංක

අසංක

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සීමා කර තිබූ HIV ඒඩ්ස් අසාධිතයින් හඳුනාගැනීමේ පරීක්ෂණ කටයුතු යළි ආරම්භ කළ බව ඒඩ්ස් මර්දන හා ජාතික ලිංගාශ්‍රිත රෝග ඒකකය නිවේදනය කර සිටී.

සායන හා රෝහල් කරා එන පුද්ගලයින්ට අමතරව ප්‍රජාව අතරට ගොස් ආසාදිතයින් හඳුනා ගැනීමේ වැඩසටහන් පුළුල් කර ඇති බවද එම ඒකකය සඳහන් කර ඇත.

පසුගිය වසරේ මෙරටින් වාර්තා වූ HIV ආසාදිතයින් සංඛ්‍යාව 438 කි.

මෙරට HIV ආසාදිතයින්ගෙන් බහුතරයක් අවුරුදු 20 ත් 45 ත් අතර පිරිමි පුද්ගලයින් බව ද වාර්තාවේ.