කොරෝනා නීතියට නවසීලන්ත අගමැතිනියත් යටත් වෙයි

Picture of අසංක

අසංක

නවසීලන්තයේ ක්‍රියාත්මක කොරෝනා පාලන නීති රීති හේතුවෙන් එරට අග්‍රාමාත්‍යවරියටද ඊයේ දින කෝපි හලකට ඇතුල් වීමට අවසර ලැබී නොමැති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත .

එම මාධ්‍ය වාර්තාවන්ට අනුව , නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වන ජසින්ඩා ආදෙන් ඊයේ (16) ඇයගේ සහකරු සමඟ කෝපි හලකට ගොස් ඇත. නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය එහි යන අවස්ථාවේදී ‘කායික දුරස්ථභාවයට’ අදාළ මාර්ගෝපදේශවලට අනුව ඊට යා හැකි උපරිම පිරිස එහි සිට ඇත. මේ හේතුවෙන් අග්‍රාමාත්‍යවරිය සහ ඇගේ සහකරු නැවත හරවා යවා ඇත.

වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පනවා තිබෙන සීමා හේතුවෙන් අවන්හල්, තේපැන්හල් ඉදිරියේ රැඳී සිටීමට සිදුවීම සාමාන්‍ය දෙයක් බව අග්‍රාමාත්‍යවරියගේ මාධ්‍ය ඒකකය පසුව සඳහන් කර ඇත..‘‘මමත් අනෙක් හැමෝම වගේ මගේ අවස්ථාව එනතෙක් බලාගෙන හිටියා’’ යැයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබිණි.