කොරෝනා පරික්‍ෂාවට අලුතින් රසායනාගාර පහක්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පී .සී .ආර්  පරීක්ෂණ සිදු කළ හැකි  අධිතාක්ෂණික රසායනාගාර 5 ක් අලුතින්  ස්ථාපනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත .

කොළඹ ජාතික රෝහලේ සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඉන් රසායනාගාර දෙකක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අතර කළුතර, කෑගල්ල සහ කුරුණෑගල රෝහල්වල අනෙක් රසායනාගාර ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇත .

අදාළ අධිතාක්ෂණික රසායනාගාර සඳහා අවශ්‍ය උපකරණ කට්ටල ලබාදෙන්නැයි අමාත්‍යාංශය,  එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා පිළිබඳ කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තාවේ .