ශ්රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අද දින 193 නේ සීමාව ඉක්මවා ගියේය
ශ්රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය අද රුපියල් 193.75 ක් ලෙස සටහන් වේ.
ඊයේ දිනයේදීද, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය රුපියල් 192.80 ක අගයක් ගත අතර, කොරෝනා වසංගතය හමුවේ , ඉදිරියේදී තවදුරටත් රුපියලේ අගය පහත වැටිය හැකි බව විශේෂඥයන් අනුමාන කරති