ප්‍රබෝධා හෙට්ටිආරච්චි
එංගලන්තය පුරා දියත් කරන ලද කොරෝනා මර්දන එන්නත වැඩසටහනේ පළමු එන්නත 90 හැවිරිදි කාන්තාවකට එන්නත් කිරීමෙන් ආරම්භ කර තිබේ.
ලබන සතියේ 91 වන වියට පා තබන මාග්‍රට් කීනන් පැවසුවේ එය තමාට උපන්දිනටත් කලින් ලද “හොඳම උපන්දින තෑග්ග” බවයි.
ඇයට එන්නත් කරන ලද ෆයිසර් / බයෝ එන්ටෙක් එන්නත මාත්‍රාව 800,000 ඉදිරි සතිවලදී සෙසු අසාධ්‍ය රෝගීන්ට ලබාදීමට නියමිතය.
මේ මාසය අවසන් වන විට එන්නත තවත් මිලියන හතරක් දක්වා දීමට අපේක්ෂා කෙරේ.
එංගලන්තයේ වයස අවුරුදු 80 ට වැඩි අයට සහ සමහර සෞඛ්‍ය හා සත්කාර කාර්ය මණ්ඩලයට මෙය එන්නත් කරනු ඇත.
මෙම වැඩසටහන මගින් වඩාත් අවදානමට ලක්විය හැකි අයව ආරක්ෂා කර ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කර ගෙන ඇත.