කොරෝනා මරණවලින් යුරෝපා කලාපය ඉහළට

Picture of අසංක

අසංක

ලොව පුරා කොරෝනා මරණ දෙලක්ෂ පනස් දහස ඉක්ම වූ දෙවැනි කලාපය බවට යුරෝපය පත්ව ඇත .

මීට පෙර මරණ දෙලක්ෂ පනස් දහස ඉක්ම වූ කලාපය ලෙස වාර්තාවී තිබුනේ ලතින් අමෙරිකාවයි.

යුරෝපයෙන් පැය 24 ක් තුළ දෛනික ආසාදිතයින් දෙලක්ෂය ඉක්ම වූ සංඛ්‍යාවක් හඳුනා ගැනුණි.

යුරෝපයෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව ලොව පුරා වාර්තාවන මරණ සංඛ්‍යාවෙන් 19% ක් වන අතර ආසාදිතයින්ගේ ප්‍රතිශතය ද 22% ක් පමණ වේ.

යුරෝපයේ වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ බ්‍රිතාන්‍ය, ඉතාලිය, ප්‍රංශය, රුසියාව, බෙල්ජියම සහ ස්පාඤ්ඤයෙනි.