කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසු මියයන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය කිරීමෙන් ගැටලුවක් මතු නොවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කර සිටී .
මළසිරුරු භූමදානය කිරීම හරහා වෛරසය භූගත ජලයට මුසුවන බවට හා ඒ හරහා මිනිසාට බලපෑම් කරන බවට තිබෙන මතවාද සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විශේෂඥ විශ්ලේෂණයක් සිදුකර තිබෙන අතර . කොවිඩ් මරණ භූමදානය කිරීම හරහා කිසිදු ගැටලුවක් නොවන බව එහිදී අනාවරණය වූ බවයි එම සංගමයේ සබාපති, විශේෂඥ වෛද්‍ය, පත්මා ගුණරත්න මහත්මිය සඳහන් කර ඇත්තේ .
තම සංගමයේ මතය රජයේ වගකිව යුතු පාර්ශ්ව වෙත කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන බවද නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර ඇත සඳහන් වේ.