ජුනි මාසයේදී කොරෝනා මරණ සීග‍්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් සෙවීම සදහා විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත .
රජය මෙතෙක් නිවේදනය කළ කොරෝනා මරණ අතරින් ඉකුත් ජුනි මාසයේදී පමණක් 1500 දෙනකුට අධික පිරිසක් මියගොස් ඇතැයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටී .
කෙසේ වෙතත් ,අප්‍රේල් මාසයේදී කොවිඞ් මරණ 110ක් සහ මැයි මාසයේදී මරණ 806ක් වාර්තා වූ ඒඅනුව , ඉකුත් මාස තුන සසදා බැලීමේදී ජුනි මාසයේ පමණක් කොවිඞ් මරණ සීග‍්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් වන සුවිශේෂී හේතු සෙවීම ස`දහා මෙම විශේෂඥ කමිටුව පත්කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය
මේ වන විට මෙරට තුළ වඩාත් වේගයෙන් පැතිරෙන ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදය ද ආසාදිත වූවන් වාර්තා වී ඇති බවත්, ඉදිරියේදී ජනතාව වැඩි ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කළ යුතුව ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.