කොරෝනා මැද එල් පී එල් ක්‍රිකට් ඇරඹේ ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව . ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී .

 ජූලි මස 30 වනදා සිට අගෝස්තු මස 22 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති බවද එම ආයතනය සඳහන් කර ඇත .

කෙසේ වෙතත් මෙම තරගාවලිය කුමනාකාරයේ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග යටතේ ක්‍රියාත්මක වන්නේදැයි යන්න මෙතෙක් සඳහන් කර නොමැති අතර ඊට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ද මෙතෙක් නිකුත් කර නොමැත .

ඉකුත් වසරේ පැවැති එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර  ජෛව බුබුළු ක්‍රමවේදය යටතේ කොරෝනා අවදානම මධ්‍යයේ පැවැත්වින  . එහිදී කණ්ඩායම් 05 ක් තරග වැදුනු අතර සියලු තරග හම්බන්තොටදී පැවැත්වින .