කොරෝනා රෝගීන්ට අමතර රෝහල් 10ක් සූදානම්

Picture of අසංක

අසංක

මෙරට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අමතර රෝහල් 10 ක් සූදානම් කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර සිටී.

එහි මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ, දැනට රෝහල් 14 ක 2400 ඉක්ම වූ අඳන් සංඛ්‍යාවක් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති බවය.

ඊට අමතරව දැඩි සත්කාර එක්කවල ඇඳන් 146 ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කර ඇති බව ද ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

කෙසේ වෙතත් මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් හමු වූ කිසිදු කොරෝනා ආසාදිතයෙකු මේ දක්වා දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර නොමැති බවද ඔහු සඳහන් කළේය ,