කොරෝනා රෝගීන් ගණන 295ක් වෙයි

Picture of අසංක

අසංක

නව කොරෝනා වෛරසය ආසාදිතයින් ලෙස  අලුතින් 24 දෙනකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 295 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේ එම සියළුම රෝගීන් හමු වී ඇත්තේ කොළඹ 12 බන්ඩාරනායක පුර  ප්‍රදේශයෙන් බවයි.

ඔවුන් සියලු දෙනාම නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බවටද අනාවරණය වී තිබේ.