කොරෝනා වැළඳුණු කත සේවය කරන සුප්‍රකට කම්හල තාවකාලිකව වසා දමයි

Picture of අසංක

අසංක

දිවුලපිටියෙන් හමු වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාව සේවය කරන මිනුවන්ගොඩ පිහිටි මෙරට ප්‍රමුඛ පෙළේ ඇඟලුම් කර්මාන්තශාලාව තවකාලිකව වසා දමා තිබේ.

එහි සේවය කරන සේවකයන් පනහක් පමණ කඩිනම් PCR පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇත. ඒ ඔවුන් උණ රෝගී ලක්ෂණ පෙන්නුම් කරන නිසා බව වාර්තා වේ.

එම කාන්තාව සේවයට පැමිණ ඇත්තේ සේවා ස්ථානය මගින් සපයන ප්‍රවාහන බස් රථයෙනි. එහි ගමන්ගත් සියලු සේවකයින් නිරෝධායනයට යොමුකර ඇත.

මේ අතර ටැක්සි රියදුරකු වන එම කාන්තාවගේ සැමියා ප්‍රවාහනය කරන ලද පුද්ගලයින් සෙවීම ද ආරම්භ කර ඇත.

එම කාන්තාවගේ දරුවා ද උණ රෝගී ලක්ෂණ පෙන්නුම් කරන බැවින් වහාම රෝහල් ගත කර තිබේ.

මෙම දරුවා පසුගිය දිනවල පාසලට ගොස් ඇති බැවින් ඒවා ආශ්‍රිතයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

මෙම කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේදැයි තවමත් අනාවරණය වී නොමැති අතර ඇය අසුරු කළ පුද්ගලයන් පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.