ජනතාව නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් කොරෝනා වෛරසය යළි පැතිර යාමේ අවදානමක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපතිවරයාගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වල මෙලෙස සටහනක් තබමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලෝකයේ
සියළුම රටවල් වෛරසයෙන් පීඩා විදිද්දී, සාමුහික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව සාධනීය ජයග්‍රහණයක් ලබා ඇති බවයි.
එහෙත් වෛරසය තවමත් ලෝකයෙන් තුරන් වී නොමැති නිසා තවදුරටත් සෞඛ්‍ය අංශය සහ රජය ලබාදෙන
උපදෙස් මත ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
While most countries are suffering from #Covid19, #LKA has achieved a remarkable victory thru collective efforts, but the virus is yet to be eradicated.
Negligence could spread the virus again – I call upon all citizens to take stringent measures based on health guidelines pic.twitter.com/ks0z2WzCwY
— Gotabaya Rajapaksa (@GotabayaR) June 23, 2020