කොරෝනා වෛරසය දීර්ඝ කාලයක් පවතී

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරසය තව දීර්ඝ කාලයක් අප අතර රැදී පවතිනු ඇති බවත් ඒ අනුව තව විශාල වැඩකොටසක් හා අභියෝග රැසක් අප ඉදිරියේ ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් අධ්නම් මහතා අවධාරණය කර සිටී .

ලොව කිසිදු රටක් තවම මෙම තර්ජනයෙන් සම්පූර්ණයෙන් ගැලවී නැති බවත් , ලොව පුරා බොහෝ රටවල වසංගත පාලන ක්‍රියාවලින්හි අඩුපාඩු පවතින බවත් අධනම් මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෛනික මාධ්‍ය හමුවේදී මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත.

ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබාදෙන ආධාර නැවත්වීම පිළිබඳව නැවත සිතා බලනු ඇතැයි විශ්වාස කරන බවත් , එය සෙසු රටවලට පමණක් නොව ඇමෙරිකාවේ සුරක්‍ෂිතතාවය වෙනුවෙන්ම සිදුකරන ආයෝජනයක් වනු ඇති බවත් අධනම් මහතා මෙහිදී සඳහන් කර ඇත .

තම සංවිධානය නිවැරදි අවස්ථාවේ නිවැරදි අකාරයට මෙම වසංගතය ගැන අනතුරු ඇඟවීම් සිදුකල බවත් මේ සම්බන්ධව හදිසි තත්වයන් ප්‍රකාශයට පත්කිරීමද නිසි අවස්ථාවේ සිදුකල බවත් ඔහු මෙහිදී පැවසීය