කොරෝනා සතුන්ගෙන් මිනිස්සුන්ට බෝවෙන්නේ නෑ – වෛද්‍ය රාජනායක

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසය මෙරට සතුන්ගෙන් ,මිනිසුන්ට බෝවීමට කිසිදු ඉඩක් නොමැති බවත් මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.එම්.කේ.පී. රාජනායක මහත්මිය අවධාරණය කර සිටී.

මෙම වෛරසය මුලින් සතුන්ගෙන් මිනිසාට ආසාධනය වුවද ඉන් පසුව දිගින් දිගටම මිනිසාගෙන් මිනිසාට බෝවන බවට වාර්තා වී ඇති බවත් , නැවත සතුන් මගින් බෝවීමක් වාර්තා වී නැති බවත් ඇය සඳහන් කලාය .

ඒ අනුව චීනයේ මෙම වෛරසය මුලින් ආසාධනය වී ඇත්තේ වවුලන් සහ සර්පයින්ගෙන් බවට වාර්තා වන නමුත් , අපේ රටේ සතුන් මගින් වෛරසය පැතිරයාමේ අවදානමක් නොපවතින බවත් ඇය මාධ්‍ය වෙත පැවසුවාය .