ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ආධාර සපයන බව චීන රජය පවසයි.
belt and road ව්‍යාපෘති සඳහා කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වූ අහිතකර බලපෑම තාවකාලික එකක් බව චීන රජය අවධාරණය කර සිටී.
චීනයේ උප විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව දකුණු කොරියාව ඉරාකය හා කාම්බෝජියාවට කොරෝනා වසංගතය හා සටන් කිරීමට ඉදිරියේ දී ආධාර ලබා දීමට තීරණය කර ඇති බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට ද මුදල් ආධාර ලබා දීමට චීනය අපේක්ෂා කරයි.