කොරෝනා සුවවූ රෝගීන්ගෙන් අලුත් අවදානමක් – චීනයේ ගෙදර ගිය අය යළි ගෙන්වයි

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් රෝගී වී ප්‍රතිකාර ලබා සුව වී ගිය රෝගීන් යළිත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට අලුතින් යටත් කිරීමට චීනයේ වූහාන් ප්‍රදේශයේ වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ.

මේ අනුව සුවය ලැබූ සියලුම රෝගීන් විශේෂ කොරෝනා ප්‍රතිකාර හා පාලන මධ්‍යස්ථානය වෙත සති දෙකක කාලයක් සඳහා ගෙන්වීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත.

ප්‍රතිකාර ලබා සුවවූ රෝගීන් යළි වෛරසය පතුරුවන බවට වෛද්‍ය වාර්තාවලින් සනාථ වීමත් ඔවුන් යළි කොරෝනා රෝගීන් බවට පත්වීමත් නිසා චීන සෞඛ්‍ය බලධාරීන් වහාම මෙම පියවර ගෙන තිබේ.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා විශේෂයෙන්ම වෙන්කරන ලද වෙයිබෝහි කොරෝනා ප්‍රතිකාර හා පාලන මධ්‍යස්ථානය වෙත සියලුම සුව වී ගිය රෝගීන් යොමුකිරීමට කටයුතු යොදා ඇත.