කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ගාලුමෝදර දී අද උදෑසන හදිසියේ මිය ගොස් තිබේ.
ඔහු ගාලු මුවදොර දී මුවදොරදී ශාරීරික සුවතා ව්‍යායාම්වල යෙදී සිට ඇත.
පොලිස් පරීක්ෂක නිලන්ත මහතා මියයන විට 45 වැනි වියෙහි පසුවිය.
ස්ථානාධිපතිවරයා මීට වසර හතරකට පමණ පෙර හදවතේ සැත්කමක් සිදුකර ඇති නමුත් පසුගිය කාලය තුළ ඔහු නිරෝගී සුවයෙන් පසු වූ බව දැනගන්නට ඇත.
මරණ පරීක්ෂණය සඳහා දේහය යොමු කර ඇති අතර එහිදී PCR පරීක්ෂාවක් සිදුකිරීමටද නියමිතය.