කොවිඩ් ආසාදිත මව්වරුන්  බිහිකරන දරුවන් තුල වෛරසයට එරෙහි ප්‍රතිදේහ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොරෝනා වෛරසය  ආසාධිත මව්වරුන් විසින් බිහිකරන දරුවන්ගේ ශරීර තුළ එම වයිරසයට එරෙහි ප්‍රතිදේහ නිපදවෙන  බව සිංගප්පූරු පර්යේෂකයින් පිරිසක් විසින් අනාවරණය කරගෙන ඇත .
ගර්භනී කාන්තාවන්ට වෛරසය ආසාදනය වූවද බරපතළ රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකරන බවද  එම පර්යේෂකයින් මෙහිදී සොයාගෙන ඇත
ගර්භනී කාන්තාවන් පිරිසක් යොදාගනිමින් සිදුකළ පර්යේෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී ඇති අතර කොරෝනා  වෛරසය මවගෙන් දරුවාට සම්ප්රේිෂණය වන බව සනාථ කෙරෙන කිසිදු තොරතුරක් අනාවරණය නොවූ බව ද පර්යේෂකයින් පෙන්වා දී ඇත.