රට පුරා කොවිඩ්-19 වසංගත තත්ත්වය සීඝ්‍රයෙන් පැතිර යද්දී ගෙවී ගිය මාස 3ක කාලය තුළදී දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති විසින් රටේ විවිධ ප්‍රදේශවල විරෝධතා 847ක් පුද්ගලයන් අවම වශයෙන් 106648 ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වා තිබේ.
ඉන් වැඩිම විරෝධතා සහ ඒකරාශීවීම් සංඛ්‍යාවක් පවත්වා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ය. එනම් විරෝධතා 77ක් ගෛවුණු දින 90 තුළ පවත්වා ඇත.
ඉන් පසුව වැඩිම විරෝධතා සංඛ්‍ය්‍යාවක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවත්වා ඇති අතර එම සංඛ්‍යාව 75කි.
කොළඹ දිස්ත්‍රික්කය තුළ ද විරෝධතා 72ක් පවත්වා තිබුණේ බස්නාහිර පළාත තුළ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන්ම පැතිරෙන බවට සෞඛ්‍ය අංශය අනතුරු අඟවද්දී ය.
මෙම මහජන ඒකරාශී වීම්, විරෝධතා, උද්ඝෝෂණ, පෙළපාලි ආදිය පවත්වා තිබුණේ ප්‍රධාන වශයෙන්ම කරුණු කිහිපයක් මුල්කොට ගෙන ය. එනම්, පොහොර ගැටලුව, ඉන්ධන මිල ඉහළ දැමීම, කොතලාව පනත, ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව යන කරුණු සම්බන්ධවය ය.
ඉන් වැඩිම විරෝධතා සංඛ්‍යාවක් සංවිධාන කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසින් වන අතර එම සංඛ්‍යාව 230කි.
ඉන්පසුව ගුරු-විදුහල්පති වෘත්තිය සමිති ඇතුළු වෘත්තිය සමිති විසින් උද්ඝෝෂණ හා පෙළපාලි 220ක් පවත්වා ඇත.
මේ දිනවල රට තුළ දැඩි සංචරණ සීමා පනවන්නැයි ද රට ලොක්ඩවුන් කරන්නැයි ද නිරන්තරයෙන් ආණ්ඩුවට බලකරන විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය විසින් ද පසුගිය මාස 3 තුළ විරෝධතා 185ක් රටපුරා පවත්වා තිබුණි.