නවතම පුවත්

කොවිඩ් උත්සන්න වෙයි  රට උපරිම අවදානමක අනතුරු ඇඟවීමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* කොවිඩ් රෝගීන්ගෙන් ICU පිරෙයි
* අලුත් වෛරස් ප්‍රභේද ඇවිත්
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
රට තුළ කොරෝනා වසංගතය පැතිරීම සීග්‍රයෙන් ඉහළ ගොස් කොවිඩ් -19 රෝගීන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළු වීම වැඩිවෙමින් ඇති බව සෞඛ්‍ය අංශ  අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය උපරිම අවදානම් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව තුළ මීට පෙර හමු නොවූ කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වී ඇති බවය.
වත්මන් තත්ත්වය තුළ මෙරට තරුණ ප්‍රජාවට කොවිඩ් ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
 ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මීට පෙර මෙරට නොතිබුණු ප්‍රභේදයක් රට තුළට පැමිණ ඇත්දැයි සැකයක් පවතින බවත් ඒ පිළිබඳ ව සිදුකරන පරීක්ෂණවල ප්‍රතිඵල සති අන්තයේ ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කර ඇති උපරිම අවාදානම් නිවේදනය මෙසේය.
 “COVID-19 අනතුරු ඇඟවීම!
ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවනතාවය වැඩිවීමක් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇත. මීට අමතරව ලංකාව තුළ කොරෝනා වෛරසයේ ලංකාව තුළ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද පසුගිය දවස් කිහිපය තුළ දී වාර්තා වී ඇත. මේ පිළිබඳව විද්‍යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්‍යනය කිරීම දැනටමත් සිදු වී ගෙන යන අතරතුර මහජනතාව ලෙස අප සියලු දෙනාම මේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුයි.
රෝග නිවාරණ උපදෙස් පිළිපැදීම මගින් රෝග පැතිරීම ඉතා ඉක්මනින් පාලනය කළ හැකි බව අප සියලු දෙනාම පසුගිය කාලයේ දී අත්දුටුවා. පසුගිය උත්සව සමය හා ඊට සමගාමීව මෙම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ක්‍රමයෙන් අඩු වීමක් දක්නට ලැබීම මෙම අලුත් අවදානම් තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වී ඇති බව නොඅනුමානයි.
යළිත් වරක් දැඩි නීති පැනවීම සහ සංචරණ සීමා පැනවීම වැනි ක්‍රියා මාර්ග වලට යොමු වීම වැළැක්වීම සඳහා සමාජයක් ලෙස රෝග නිවාරණය සඳහා අපගේ වගකීම යළිත් වරක් මතක් කර ගැනීම කාලෝචිත වනු ඇත.
දෑත් පිරිසිදුව තබා ගැනීම, මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථ භාවය පවත්වා ගැනීම, කැස්ස, උගුරේ අමාරුව, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් මිනිසුන් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම, පුද්ගලයන් වැඩිපුර රැස් වන ස්ථානවලට නොයා සිටීම මෙම නිවාරණ උපායමාර්ග අතර වේ.
සෞඛ්‍ය උපදෙස් නියමාකාරව පිළිපැදීම නිසා පසුගිය මාස කීපය තුළ යම් ආකාරයක නිදහසක් භුක්ති විඳීමට ලක් වාසී සියලු දෙනාටම හැකි වූයේ මීට පෙර අප විසින්ම ක්‍රියාවට නංවන ලද රෝග නිවාරණ කටයුතු නිසා බැවින් යළිත් වරක් එම උපදෙස් වලට අනුගතවීම අපට අපහසු කාර්යයක් නොවනු ඇත.
එම නිසා එළඹෙන කාල පරිච්ඡේදය පුරාවටම යළිත් වරක් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින්, අනවශ්‍ය ගමන් බිමන් හැකිතාක් අවම කරමින්, තමාට රෝග ලක්ෂණ ඇත්නම් අන් අය ආරක්ෂා වන පරිදි හැසිරෙමින්, යළිත් වරක් කොරෝනා ආසාදන තත්ත්වය රට පුරා පැතිරීම වැළැක්වීමට ඔබ, අප සැමගේම කාර්යභාරය ඉටු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ලක්වාසී සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටින්නෙමු.”
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!