පැතුම් වික්‍රමරත්න
කොවිඩ් එන්නත්කරණයට අදාලව නවත තාක්ෂණික ඩිජිටල් හැඳුණුම්පතක් හඳුන්වාදීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී .
ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය සහ ICT ආයතනය සමග දැනටමත් සාකච්ඡා කර ඇති බවද ඔහු මාධ්‍ය වෙත පැවසීය .
එන්නත්කරණය සම්බන්ධයෙන් ජනතාවට මේ හරහා තාක්ෂණය උපයෝගී කර ගනිමින් තොරතුරු ලබාදීමට කටයුතු කරන බවත්, ඒ හරහා එන්නත්කරණ ක්‍රියාවලිය කඩිනම් කළහැකි බවත රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී .
මේ හරහා එන්නත්කරණයෙන් පසුවත් එන්නත් ලබාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් පසුවිපරමක් සිදු කිරීමේ හැකියාවක් ලැබෙන බවද ඇමතිවරයා පැවසීය .
අලුත් පරම්පරාව බලාපොරොත්තුවෙන් සිටින්නේ රටතුළ තාක්ෂණික වෙනසක් ඇතිවීම බවත්, ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම රජයේ අරමුණ බව නාමල් රාජපක්ෂ මහතා සදහන් කර සිටී .