කොවිඩ් එන්නත් හිඟය නිසා ඕස්ට්‍රේලියාවෙත් එන්නත්කරණය අඩාලවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔස්ට්‍රේලියාව තුලත් මේ වනවිට කොවිඩ් එන්නත් හිඟයක් මතුව ඇති අතර ඒ හේතුව නිසා එරට එන්නත්කරණ වැඩසටහනද යම් දුරකට අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදේ  .

විශේෂයෙන්ම ෆයිසර් කොවිඩ් එන්නත් හිඟය මේ වනවිට ඔස්ට්‍රේලියාවට තදින් බලපා ඇති අතර  මෙම ගැටලුව විසඳීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ සහයෝගය ලබාගැනීමටත් එරට රජය මේ වනවිට සූදානම් වේ .

ඔස්ටෙර්ලියාව තුල වයස අවුරුදු 50 ත් 60 ත්  අතර ඛාණ්ඩයට ඇස්ට්‍රසේනිකා එන්නත් ලබානොදී ඒ වෙනුවට ෆයිසර් එන්නත ලබාදීමට  එරට රජය  ගත තීරණයත් සමග මෙම එන්නත් හිඟය දැඩි ලෙස මතුව ඇති බවද එරට මාධ්‍ය පවසයි .

ෆයිසර් එන්නත ප්‍රමාණවත් ලෙස මෙතෙක් එරටට නොලැබෙන බවත් , එම ගැටලුව විසඳා ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික බලපෑමක් අවශ්‍යව ඇති බවත් එරට විපක්ෂයද සඳහන් කර ඇත .