කොවිඩ් එන්නත ගත්තත් වෛරසය ආසාධනය වෙන්න පුළුවන් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා මර්දන එන්නත ලබා දුන් පුද්ගලයින්ගෙන් ඉතා සුළු පිරිසකට ද වෛරසය , ආසාදනය වීමේ අවදානමක් ඇතැයි, කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කර සිටී .

එන්නතේ , පළමු මාත්‍රාවවෙන් පසු ප්‍රතිදේහ නිපදවීමට සති 3ක පමණ කාලයක් ගත වන බැවින් එම කාලය අතරතුර වෛරසය වැළඳිය හැකි බවද අමාත්‍යවරිය අද මාධ්‍ය වෙත පැවසීය

පළමු මාත්‍රාවෙන් ආවරණය ඇත්තේ, 62%කට පමණ ප්‍රමාණයකට බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවා ය.

පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් බොහොම සුළු පිරිසකට කෝවිඩ් වැළඳී ඇති බවට වාර්තා වී ඇති බවත් එය සැලකිය යුතු සංඛ්‍යාවක් නොවන බව ත් ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.