කොවිඩ් එන්නත ගන්න කැබිනට් අනුමැතිය 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොවැක්ස් පහසුකම යටතේ මෙරටට  කොවිඩ් -19 එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම්ගත වීමට අවශ්‍ය  කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තාවේ.
සෞඛ්‍ය ඇමතිනිය මේ සම්භන්ධව ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවද දැනගන්නට ඇත .
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක කරනු ලබන කොවැක්ස් ක්‍රියාවලියට ශ්‍රී ලංකාව දැනටමත් ඇතුළත් වී ඇත.
 ඒ මගින් කොවිඩ් -19 එන්නත් මාත්‍රා ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකාව සුදුසුකම් සපුරා ඇත.