කොවිඩ් එන්නත දෙන්න, අද පෙරහුරුවක්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

COVID-19 එන්නත් ලබා දීම පිළිබඳව පිළියන්දල ප්‍රාදේශීය රෝහල ඇතුළු ස්ථාන 03ක අද (23) දින විශේෂ  පෙරහුරුවක් සිදු  කිරීමට නියමිතය .

මෙවැනි පෙරහුරු ඉදිරි දින කිහිපය තුල මෙරට ප්‍රදේශ කිහිපයකම පැවත්වීමට නියමිත බව  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටී

Oxford-AstraZeneca කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව ඇති අතර එම එන්නත ඉදිරි මාසය තුල මෙරට ගෙන්වීමටද නියමිත බව වාර්තාවේ