කොවිඩ් ඖෂධ ‘කරල’ අනුමතයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් මර්දනය සඳහා හඳුන්වාදී ඇති ඖෂධ කරල භාවිතයට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (15) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

මාර්ක් සමාගම හඳුන්වාදී ඇති ‘මොල්නුපිරවියා’ නැමති මෙම ඖෂධ කරල සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබිය යුතු බව ද සඳහන් කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබීමෙන් පසුව ඇනවුම් කිරීම වැනි ඉදිරි පියවර ගත හැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කීය.