පැතුම් වික්‍රමරත්න
කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම ලබන 23 වැනිදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටී .
අමාත්‍යවරිය ඒ බව සඳහන් කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින් ය.
කෙසේ වෙතත් මීට පෙර රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කර සිටියේ එන්නතේ දෙවන මාත්‍රාව ලබන 19 දින සිට ලබාදීම ආරම්භ කරන බවය.