ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ඉදිරියේදී මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහ භූමදානය සඳහා අවසර ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඊයෙ (10) දැනුම් දුන්නේය.
ඒ විපක්ෂ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කළ විමසීමකට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි.
ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ, වසංගත හා COVID රෝග පාලන රාජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙරේදා පාර්ලිමේන්තුවේදී කියාසිටියේ ජලය හරහා කොවිඩ් පැතිරෙන්නේ නැති බවය.
එසේනම් භූමදානය සඳහා තවමත් අවසර නොදෙන්නේ මන්දැයි මරික්කාර් මන්ත්‍රීවරයා එහිදී විමසීය.
ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අග්‍රාමාත්‍යවරයා ඉහත ප්‍රකාශය කරන ලදී.
මුස්ලිම් කොවිඩ් වින්දිතයින් ආදාහනය කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළුව සමාජමය වශයෙන් මෙන්ම ජගත් මානව හිමිකම් සංවිධානයව දැඩි අවධානයට හා විවේචනයට ලක්කරන ලද්දක් විය.
කොරෝනා වෛරස ආසාදිතයින් භූමදානය මගින් ජල උල්පත් හා මිශ්‍රවී ජලය හරහා පැතිරීමේ අවදානමක් පිළිබඳ අවධානයට ලක්කරමින් විශේෂඥයෝ මීට පෙර භූමදානය ප්‍රතික්ෂේප කළහ.